Saturday, February 20, 2016

ෆේස්බුක් එකෙන් මිතුරා සමඟ චෙස් ක්‍රීඩා කරමු

 


ෆේස්බුක් එකේ ඉද්දි නිකමටවත් හිතුවාද ඔයාගේ මිතුරාත් සමඟ චෙස් ක්‍රීඩා කරන්න පුලුවන් කියලා? මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ චෙස් පුවරුව විවෘත කර ගැනීමට අවශ්‍ය රහස් වචනයයි. එහෙනම් දැන් කියලා දෙන්නම් කොහොමද ෆේස්බුක් ඔස්සේ චෙස් ක්‍රීඩා කරන්නේ කෙසේද කියලා.
ඔබ චෙස් ක්‍රීඩා කරන්න කැමති ඕනෑම මිතුරෙකු තෝරා ගන්න.

  • මැසෙන්ජර් සංවාදය අතරතුර @fbchess play යන්න Type කරන්න එවිට ඔබට චෙස් පුවරුව සංවාදයේ දිස් වේ.
  • ඔබ දැනටමත් චෙස් ක්‍රීඩාව පිළිබඳ දන්නා කෙනෙක්නම් අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නොවේ. නමුත් නොදන්නා අයට මෙලෙසින් ඉත්තන් නම් කරනවා
  • K අක්ෂරය King සඳහා, Q අක්ෂරය Queen සඳහා, B අක්ෂරය Bishop සඳහා, N අක්ෂරය Knight සඳහා, R අක්ෂරය Rook සඳහා සහ P අක්ෂරය Pawn සඳහාත් වෙනවා.
  • ඔබට පුවරුවේ යම් කිසි කොටුවකට යෑමට අවශ්‍යය නම් අදාළ අක්ෂරය සහ කොටුවේ අංකය ඇතුලත් කරන්න. 

උදාහරණයක් ලෙස Pawn e3 කොටුවට ගෙන යාමට @fbchess Pe3 ලෙස ඇතුලත් කල යුතුයි.

ඔබට චෙස් පුවරුවේ විශාල කර ගැනීමට අවශ්‍යය නම්, chat menu එකේ settings යටතේ ඇති “See Full Conversation” යන්න ක්ලික් කරන්න.







(source-Pariganakapituwa.com)

No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...