Monday, October 12, 2015

තප්පර 60න් ෆොටෝ Comment සාදමු CommentME 1.4.2v



                                               මුහුණු පොතේ ඉන්න අයට නිතරම වගේ අවශ්‍ය කරන දෙයක් තමයි දැන් ලබා දෙන්න හදන්නෙ. ෆේස්බුකියේ අලුතින් එක් වූ අංගයක් ලෙස ෆේස්බුක් ෆොටෝ commentපහසුකම අද වන විට කොයි කාගේත් ජනප්‍රියත්වයට පත්ව ඇත. අපේ කට්ටිය ඉතින් දැන් හැම status එකක්ටම පිංතූරවලින් comment කරන්න කැමත්තක් දක්වනවා ඇති. ඒ වෙලාවට ඔයගොලන්ට අන්තර්ජාලයෙන් ඔයාට හිතෙන , ගැළපෙන ෆොටෝ comment එක ටිකක් හොයා ගන්න සුපිරි කට්ටක් කනවා ඇති. ඔන්න අද ඉදන් ඔබට ෆොටෝ comment හොය හොය ඉන්න ඕනේ නෑ. අපේ ලංකාවේ කෙනෙක් වෙන දිලීප ජයවර්ධන සහෝදරයා ඒකට පුංචි සොෆ්ට් එකක් හදලා තියෙනවා. ඇත්තටම මේක සුපිරිම මෘදුකාංගයක් කිව්වොත් නිවැරදියි. ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්. ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ photo comment එක තප්පර කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME' වලින් පුලුවනි. මෙම CommentME මෘදුකාංගය ලබා ගැනීමේදී මේ දිනවල Facebook වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනවා. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.

එහි ඉමේජ් ඇඩ් කරන්න / පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමණ ඇතුලත් කර තියනවා. අපේ රටේ දෙයක් හින්දා අගය කරන්න වටිනවා. 




  

 ZIP/RAR Password : www.pariganakapituwa.com  
(Source-Pariganakapituwa.com) 



No comments:

Post a Comment

EBAY එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු

ebay  එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගම...